This is default featured post 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured post 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured post 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured post 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Tuesday, March 8, 2011

අපි කොයිබටද ?

ගොඩක් දවසකින් ලිව්වේ නැති වුනත් අද දැනගන්නට ලැබුනු දෙයින් සිතට දැනුන කනගාටුව නිසාම කොහොම හරි වෙලාවක් හොයා ගත්තා මේ ටික ලියලා යන්න.

කවුරු කොහොම කිව්වත් සිංහල බ්ලොග් වල නොම්බර එකේ බ්ලොග් එක තමා ටැබූ සබ්ජෙක්ට්. මතවාදීව සමහර තැන් වලදී විරුද්ධ වුණත් හැමදාම කියවපු බ්ලොග් එකක් තමයි ටැබූ සබ්ජෙක්ට් කියන්නේ. ඒක බ්ලොග් අවකාශයේ ගොඩක් අයට පොදු දෙයක්.
මට කියන්න තියෙන හොඳම දේ වෙන තැනක කමෙන්ට් එකක් විදියට තිබ්බා. මම ඒක ඒ විදියටම උපුටා ගන්නම්.

පාස්වර්ඩ් හැක් කිරීම මගින් කිසිදා මතවාදයක් පරාජය කල නොහැක.මන්ද යත් gmail,yahoo හෝ live මගින් තවත් ඊමේල් ගිනුමක් නොමිලේ ලබාගත හැකි බැවිනි

අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ටැබූ අපි හැමදාම ඔබ සමගයි. බුදුන්ට අපහාස කරන ධර්මපාල බෞද්ධයන්ට එරෙහිව මතවාදීව සටන් කරන්න ඔබට ශක්තිය ලැබේවා. 


Thursday, November 4, 2010

ආයිත් මුකුත් වැඩි වෙන්නෙ නෑලූ

අද ලංකාදීප පත්තරේ දාස හපුවලාන මහත්තයාගේ cartoon එකේ තිබ්බ දේ මුල් පිටුවේ පද්මකුමාර මහත්තයා අර්ථ නිරූපනය කලේ වැරදි විදියටදෝ කියල මට හිතුනා. මුලින්ම බලලම ඉන්නකෝ.


පද්මකුමාර මහත්තයා කිව්වේ නම් ආයිත් අය වැයෙන් කිරි, පිටි , සීනි වගේ සිල්ලර දේවල් වැඩිවෙන්නේ නෑ කියල බව දාස කියනවා කියලයි.
හැබැයි ඉතින් ඕකට රාජ්‍ය සේවක වැටුපත් වැටුනොත් තමා වැඩේ වෙන්නේ. එතකටොනම් ඉතින් මුකුත්ම වැඩි වෙන්නේ නෑ !!!!!

Tuesday, November 2, 2010

අළුත්ම අළුත් බටහිර අධිරාජ්‍යයවාදී කුමන්ත්‍රණය හෙලිවේ

මෙගා ස්ටාර් වලදී වෙලා තියෙන්නේ විජාතික බලවේගයක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රනයක්ලු. මේක කියන්නේ මම නෙමෙයි. අපේ මාරාන්තික උපවාස ඇමතිතුමා.

ස්වර්ණවාහිණී කියන්නේ දේශීයත්වයට මුල් තැන දෙන සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙකුට අයිති දේශීය රූපවාහිනී නාලිකාවක්. බටහිර ගැති ඩොලර් කාක්කො ශ්‍රී ලංකේය අභිමානය වෙච්චි මේ රූපවාහිනී නාලිකාව ජනතාව ඉදිරියේ අවමානයට ලක්කරලා අන්තිමට ඇන් ජී ඕ ඒජන්තයෙක් කුණුකොල්ලයට මෙම නාලිකාව මිලට ගන්නලු හදන්නේ.



Monday, November 1, 2010

තාම ඉවර නෑ

අවසානයේදී ශ්‍රි ලාංකේය අවමානය බවට පත්වූ ශ්‍රි ලංකාවේ 2.50හේ මාධ්‍ය භාවිතයේ ප්‍රමුඛයා වන ස්වර්ණවාහිනියේ මෙගා ස්ටාර් වැඩසටහන ඉවරයි කිව්වට තාම ඉවරම නැති පාටක් පේන්න තියෙන්නේ.
දැනට එක්සත් ජනපදයේ සංචාරයක සිටින මෙගා ස්ටාර් විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයෙකු වූ රජීව් සෙබස්තියන් මහතා නැවත ලංකාවට පැමිණි පසු මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා මෙගා ස්ටාර් හී මෙගා මගඩි ගැන කියන්න බලාගෙන ඉන්නවලු.




Sunday, October 31, 2010

නව ඇරඹුමක් !

මගේ ඉස්සර තිබ්බ බ්ලොග් එක අතුරුදහන් වෙලා. ඉතින් අලුතින් බ්ලොග් එකක් කරන්න හිතුවා. හා හා පුරා කියලා නොවැම්බර් මාසේ පටන් ගන්නවත් එක්කම මගේ අළුත් බ්ලොග් එක පටන් ගත්තා. :D :D

මම සිංහල බ්ලොග් කියවන්න අරගෙන දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. බ්ලොග් එකක් ලියන්න ගත්තත් ඒක එක දිගට කරගෙන යන්න බැරි වුනා. ඒත් කියවන එක නම් නතර කලේ නෑ. ඔය අතරේ තමයි pubudu siriwansa ව හම්බෙන්නේ. මම දැන් අනිවාර්යයෙන් කියවන බ්ලොග් එකක් තමයි ඒක. වැඩිය කරදරයක් නතිව වෙලාවත් හදාගෙන බ්ලොග් එකක් ලියන්න හොඳම විදිය ඒක තමා. pubudu siriwansa ව ආදර්ශයට අරන් තමා මේ බ්ලොග් එක පටන් ගත්තේ. එහෙනම් දැනට මේ ඇති. ඉතිරි ඒවා ඉදිරියට.



Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites